විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේ වීදි ලාම්පු නිවා දමන්නැයි රජයේ බලධාරීන් ඒ ඒ අයතනවලින් ඉල්ලීම් කළ ද ජා-ඇල නගරය හා තදාසන්න ප්‍රදේශ වල අතුරු මාර්ග බෝහෝමයක දහවල් කාලයේදී ද වීදි බල්බ දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබෙයි.
විදුලි ඉතිරි කර ගැනීම සඳහා පැය ගණනක් විදුලිය විසන්ධි කිරීම් පවා සිදු කරන මොහොතක විදුලිය මෙලෙස අපතේ යන අයුරින් වීදි බල්බ දල්වා තිබීම කනගාටුවට කරුණක් බව ජනතාව පෙන්වා දෙයි.
ප්‍රධාන මාර්ගවලින් පිටස්තර බොහෝ අතුරු මාර්ගවල වීදි ලාම්පු දැල්වීමට හෝ ඒවා නිවා දැමීමට නිසි ක්‍රමවේදයක් නොමැති නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
0 Comments