වියදම රුපියල් මිලියන 223ක් පමණයි Ewis කියයි

ඖෂධ හිඟය සම්බන්ධයෙන් පසුගියදා පැවති කෝප් කමිටු සාක්‍ෂි විභාගයෙන් අනතුරුව අනාවරණය වූයේ වසර හතක්‌ ගත වූ ඉන්වෙන්ටරි කළමනාකරණ මෘදුකාංගයක්‌ නිපදවා ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) රුපියල් මිලියන 644ක් ගෙවා ඇති බවයි. MSD විසින් නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ගෙවන බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා. COPE විභාගයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු වලට ප්‍රතිචාර වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් EWIS සමගම විසින් නිකුත් කර ඇත.


2008 වසරේ මෙම පද්ධතිය සඳහා මිලදී ගැනීමේ ඇණවුම රුපියල් මිලියන 223ක් පමණක් වූ බවත් එම මෘදුකාංගය නිර්මාණය සඳහා රුපියල් මිලියන 83ක් වැය වූ බවත් පවතී මාධ්‍ය හමුවේදී එහි හිමිකරු සංජිව වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. ඉතිරි මිලියන 223 ජනක යන්ත්‍ර, පරිගණක, UPS, ජාලකරණ පිරිවැය සහ වෙනත් දෘඪාංග සඳහා විය. “රෝහල් සම්බන්ධ කළ යුතුයි, සන්නිවේදනය 24/7 ක්‍රියාත්මක විය යුතුයි, මේ ආකාරයේ පද්ධතියට අක්‍රිය කාලයක් තිබිය නොහැක,” වික්‍රමනායක සඳහන් කළේය.

තවද මාධ්‍ය අමතමින් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය දැවැන්ත කටයුත්තක් බවත් කණ්ඩායමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ගොඩනගා ගැනීමට සිදු වූ බවත්ය. දැනට පවතින ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතරතුර පද්ධතිය සංවර්ධනය කිරීමට සිදුවීම සහ අනාගත භාවිතා කරන්නන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය වැනි අභියෝග සඳහා සමාගම වසර හතක කාලය මුළුල්ලේ මුණ පා බව ඔහු පෙන්වා දෙන ලදී.


මිලියන 5ක මාසික වියදම් සම්බන්ධයෙන්, සත්‍ය අගය මසකට රුපියල් මිලියන 4.8ක් වන අතර එයට දිවයින පුරා දෘඩාංග නඩත්තු කිරීම, රෝහල් 86ක් හරහා සන්නිවේදනය සහ සම්බන්ධතා නඩත්තු කිරීම සහ මෘදුකාංග නඩත්තුව 24/7 ඇතුළත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.








Post a Comment

0 Comments