අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ අතරමගදී නැවැත්වීමේ විශේෂ ස්ථාන ස්ථාපිත කරන බවත් ඉන් පසුව එම බස් රථවලට මගීන් ගොඩකරවාගත හැක්කේ එම නැවතුම්වල පමණක් බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
දුරගමන් සේවා බස් රථ නැවතුම් ගැසට් කර වසරක පමණ කාලයක් ගතව තිබුණ ද මුදල් ප්‍රශ්නය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවූ බවත් එම නැවතුම් ස්ථාපිත කිරීමෙන් පසුව දුරගමන් බස් රථවලට හිතුමතේ මගීන් ගොඩකරගැනීමට නොහැකි බවත් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
දුරගමන් සේවා බස් රථ මගීන් ගොඩකරවාගැනීම පිළිබඳව පළාත් බස් රථවලින් අඛණ්ඩව විරෝධය එල්ල වූ බව කී ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසුව එම ගැටලුව නිරාකරණය වන බව ද සඳහන් කළේය.
0 Comments