ලිට්‍රෝ ගෑස් සැපයුම නවතී

 ලිට්‍රෝ ගෑස් තොග නොමැතිවීම නිසා බෙදාහැරීම අත්හිටුවීමට සිදුවී ඇතැයි එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (16) පෙරවරුවේ පැවසීය.

සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට ළගාවූ ගෑස් නෞකා දෙක මේ දක්වා නිදහස් කරගැනීමට නොහැකි වීම මෙම තත්වයට හේතුව බවත් ඒ සඳහා ඩොලර් ලබාගැනීමට බලධාරීන් සමඟ සති දෙකක සිට සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය. 


Post a Comment

0 Comments