මැණික් හා පතල් කර්මාන්තයේ නියුතු තොරාගත් අඩු ආදායම් ලාභී පවුල් වල දිරීය දරුවන් වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු අවසන් වන දින දක්වාම ශීෂ්‍යත්ව බෙදාදිමේ වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය අද දින රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි භුමියේදී මැණික් හා ස්වර්ණාභරණ ආශීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
දිරිය දරුවන් 71 ක් සදහා අද දින ශිෂ්‍යත්ව ප්‍රධාන සිදු කෙරෙනි. මෙහි පුර්ණ දායකත්වය උසුලන්නේ සමස්ථ ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල් කරුවන්ගේ සංගමය වන අතර වාර්ෂිකව ශිෂ්‍යයත්ව 400කට අධික ප්‍රමානයක් සමස්ථ ශ්‍රී ලංකාවම අවරණය වන පරිදි ලබා දෙයි.
මෙම උත්සවයේදී ගරු රාජ්‍ය අමාත්‍යතුමා දරුවන් වෙත ප්‍රකාශ කර සිටියේ මෙවැනි වටිනා ශිෂයත්වයක් ලබාගෙන තම ජිවිතය අධ්‍යාපනය තුලින් ජයග්‍රහණය කරගෙන රටටත් දැයටත් ආදර්ශමත් ලෙස වැඩදායී පුරවැසියෙකු ලෙසින් ජිවත් වීමට අදිටන් කරගන්නා ලෙසයි. තවද රජයේ මුදල් වියදම් නොකොට මෙවැනි උත්සවයක් සංවිධානය කල ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල් කරුවන්ගේ සංගමයට තම ස්තුතිය පුද කල අතර අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුලින් රටට අවැසි මෙහොතේ ලබාගත හැකි උපරිමය විදේශ විනිමයක් අපනයන තුලින් ලබා ගැනීමට අවශ්‍ය සියලූම කටයුතු තම අමාත්‍යාංශය තුලින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා සදහන් කලේය.
0 Comments