ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට

 

2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 118 කට ළඟා වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බොරතෙල් මිලදී ගන්නන් රුසියානු බොරතෙල් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

ලෝක බොර තෙල් වෙළඳපොළේ ඉහළ යන බොරතෙල් මිල පාලනය කිරීම සඳහා පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදය තම අතිරේක බොරතෙල් සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක වෙළඳපොලට නිකුත් කිරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ පැවති රැස්වීමෙන් පසු තීරණය කළේය.

ලෝකයේ ප්‍රධානතම බොරතෙල් සැපයුම් කරුවෙක් වන රුසියාව දෙවැනි වන්නේ සෞදි අරාබිය ට පමණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.44 ට බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 117 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 114 ක් විය.

Post a Comment

0 Comments